ආදාහනාගාර වෙන් කරවා ගැනීම
සීතාවක ප්රාදේශීය සභාව සතු ආදාහනාගාර 03 ක් ඇත.
- ගලගෙදර ආදාහනාගාරය
- සුදුවැල්ල ආදාහනාගාරය
- තුන්නාන ආදාහානාගාරය
ආදාහනාගාරයේ ආදාහනයක් කිරිම සඳහා අයදුම්පත්රය සමඟ ඉදිරිපත් කළ යුතු ලියවිලි පහත පරිදි වේ.
- මියගිය තැනැත්තා සහ ඉල්ලුම්කරු අතර ඇති සම්බන්ධකම තහවුරු කිරිම සඳහා
- ඉල්ලුම්කරුගේ විවාහ සහතිකය හෝ
- ඉල්ලුම්කරුගේ උප්පැන්න සහතිකය හෝ
- මියගිය අයගේ උප්පැන්න සහතිකය හා
- මියගිය තැනැත්තා පදිංචිව සිටි ග්රාම සේවා කොට්ඨාශයේ ග්රාම නිලධාරි විසින් නිකුත් කරන ලද සහතිකයක් (අනිවාර්ය වේ.)
- මරණ සහතිකයේ මුල් පිටපත පරික්ෂා කිරිම සදහා ඉදිරිපත් කළ යුතු අතර මරණ සහතිකය අනිවාර්ය වේ. එහි සුදුවැල්ල ආදාහනාගාරයේ සිදු කරන බව සදහන් විය යුතුය. (මරණ සහතිකයේ පිටපත් 2 ක්)
- ඉල්ලුම්කරුගේ හා මියගිය අයගේ ජාතික හැදුනුම්පතෙහි පිටපත් 2 බැඟින් (මියගිය අයගේ ජාතික හැදුනුම්පත නොමැති නම් හදුනාගැනීමේ ඡායා පිටපතක් ඉදිරිපත් කළ යුතුය.)
- රෝහලෙහි පොදු ආකෘති පත්රය 8,16,18 හෝ 20
- බලපත්ර ගාස්තුව,
- බල ප්රදේශය සඳහා රු. 6000/-
- බල ප්රදේශයෙන් පිටත රු. 7000/-