පිලිප් ගුණවර්ධන අනුස්මරණ මහජන පුස්තකාලය – කහහේන 

පුස්තකාල තොරතුරු

හැඳින්වීම

පිලිප් ගුණවර්ධන අනුස්මරණ මහජන පුස්තකාලය

පුස්තකාලයේ නම                     :-   පිලිප් ගුණවර්ධන අනුස්මරණ මහජන පුස්තකාලය කහහේන

මැතිවරණ කොට්ඨාශය              :-  අවිස්සාවේල්ල

අදායම් බල ප්‍රදේශය                  :-  හංවැල්ල

මව් ආයතනය                            :- සීතාවක ප්‍රාදේශීය සභා හංවැල්ල උප කාර්යාලය

පුස්තකාලය ආරම්භක වර්ෂය    :- 2002-04-12

ගොඩනැගිල්ල                          :-  ප්‍රමාණය වර්ග අඩි 1350 (උඩුමහල)

පුස්තකාල සම්පත්                    :- පුස්තකාලයේ පොත් එකතුව සඳහා පොත්  5445

(දැනුම අඩංගු මාධ්‍යය)                       (සිංහල, ඉංග්‍රීසි, දෙමළ)

  •      කාලීන සඟරා

පරිගණක

 නමස්කාරය

මහා මේඝය

නව යුගය

  •  දිනපතා පුවත්පත්                   – 07
  •  සතිපතා පුවත්පත්                   – 11
  • සති අන්ත පුවත්පත්    – 07

ප්‍රාදේශීය එකතුවක් ලෙස සීතාවක යුගය පිළිබඳ ලියවුණු පොත් හා ලිපි එකතුන් ඇත.   

 පුස්තකාල සම්පත් සංවිධානය      :-     සියළුම පුස්තකාල පොත් පුස්තකාල විද්‍යානුකුලව ඩිවිදශම      වර්ගීකරණයට අනුව වර්ගකොට ඇත. 000 – 999 දක්වා වර්ග අංක අනුව රාක්ක ගත කර ඇත.

  • බ්‍රවුන්ක්‍රමය යටතේ පොත් සංසරණය කරනු ලබය
  • ප්‍රලේඛණ සේවා යටතේ පහත සඳහන් පුවත්පත් ලිපි එකතුවක් ඇත.
  • සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය පිළිබඳ ප්‍රදේශීය තොරතුරු ලිපි එකතුව
  • රට රටවල තොරතුරු
  • බලංගොඩ ආනන්ද මෛත්‍රි හිමි පාණන් වහන්සේ
  • ලස්සන ගෙවත්ත (ගෙවතු අලංකරණය
  • සුරතල් මසුන් පිළිබඳ ලිපි
  • සුවසෙත වෛද්‍ය විද්‍යාව පිළිබඳ තොරතුරු
  • ගමක් ගැන යමක්
  • සූප ශාස්ත්‍ර පිළිබඳ (ආහාර වට්ටෝරු)
  • මැහුම් ගෙතුම් අත්කම්
  • ලංකා ඉතිහාසය පිළිබඳ ලිපි
  • කෘෂිකර්මාන්තය පිළිබඳ ලිපි

ප්‍රධාන අංශ හා සේවා                           :-      

  • බැහැරදීමේ අංශය
  • විමර්ශන අංශය
  • ළමා අංශය
  • පුවත්පත් හා වාර සඟරා කියවීම් අංශය
  • ජංගම පුස්තකාල සේවා
  • විශේෂිත එකතුන්

පුස්තකාලය හදුන්වා දීමේ වැඩසටහන් :-

  • අන්තර් පුස්තකාල දැනුම මිනුම තරඟය ආදී ව්‍යාපෘති සේවා
  • කතන්දර පැය වැඩසටහන (වයස අවු: 10 අඩු ළමුන් සඳහා)
  • පොත් ප්‍රදර්ශන (වාර්ෂික)
  • සහිත්‍ය තරඟ
  • නිර්මාණ පුවරුව පවත්වාගෙන යාම
  • ප්‍රාදේශීය සභාව සතු පුස්තාල එකතුව දැනුම මිනුම, චිත්‍ර, ජන ගායනා , පද්‍ය, ගද්‍ය රචනා ආදිය පැවැත්වීම.
  • පොත් පරිත්‍යාග ලබා ගැනීම.
  • රජයේ ගැසට් පත්‍රය හා පුවත්පත්වල තිබෙන තනතුරු ඇබැර්තු යාවත්කාලීනව සටහන් කරන බෝඩ් එකක් (පුවරුවක්) පවත්වාගෙන යාම.
  • රාජ්‍ය ආයතනවල අත්‍යාවශ්‍ය දුරකථන නාමාවලි ප්‍රදර්ශනය කිරිම.

පාඨක සංඛ්‍යාව                      :- මුළු පාඨක සංඛ්‍යාව          –   913

  • වැඩිහිටි පාඨක සංඛ්‍යාව – 655
  • ළමා පාඨක සංඛ්‍යාව –   258

සාමාජිකත්වය ලබා ගැනීම    :-   හංවැල්ල උප කාර්යාල බල ප්‍රදේශයේ ස්ථිර පදිංචි / රජයේ රැකියාවක නියතු / පාසැලක අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආදීන් සඳහා සාමාජිකත්වය ලබා ගැනීමට සුදුසු වේ.

ආදර්ශ අයදුම් පත්

ළමා/වැඩිහිටි අයදුම්පත්‍ර පුස්තකාලයට පැමිණ හෝ අන්තර් ජාලය (භාගත කිරිම්) මගින් ලබා ගත හැකිය

සමාජික ගාස්තු

  • වැඩිහිටි –    රු. 51.00
  • ළමා –     රු. 30.60

සාමාජිකත්වය ලබා ගැනීමට ඇපකරු නොමැති අවස්ථා ඒ වෙනුවට මුදල් තැන්පත් වශයෙන්

ළමා සාමාජිකයෙකුට  රු.      500/-ක්ද,

වැඩිහිටි සාමාජිකයකුට රු. 1000/- ක් ද,

ගෙවා සාමාජිකත්වය ලබා ගත හැක.

සාමාජිකයින් පිළි පැදිය යුතු පොදු නීතී රීති

   පුස්තකාලයට අයත් ව්‍යවස්ථාව

                                                                                     වර්ග අංකය …………….. ප්‍රවේශ අංකය ………..

පිලිප් ගුණවර්ධන අනුස්මරණ මහජන පුස්තකාලය

කහහේන – 0363865351

ව්‍යවස්ථා හා රෙගුලාසි සම්පුර්ණයෙන්ම ඇතුළත්  ලේඛණයන් බලා ගැනීමට පමණක් ලබා ගත හැකිය.

බාහිර පාඨකයෙකුට ටිකට් පත් දෙකක් දෙනු ලැබේ. මෙයින් එක් වරකට පොත් දෙකක් ලබා ගැනීමේ අයිතිය ඔහුට පැවරේ.

බැහැර දෙන දින සිට දින 14ක් ඇතුලත ගෙන යනු ලබන පොතක් ආපසු භාර දිය යුතුය. දින දාහතරේ කාල සීමාව ඇතුළත යම් පොතක් පුස්තකාලයාධිපතිට ආපසු භාර දීමට සාමාජිකයකු අපොහොසත් වුවහොත් පොත භාර දීම ප්‍රමාද වන එක් එක් දවසකට රු. 1/- බැගින් වු දඩ මුදලක් ගෙවීමට ඔහු බැදී සිටිය යුතුය.

වෙන බාහිර පාඨකයෙකු විසින් ඉල්ලා නැත්නම් බැහැර දෙන ඕනෑම පොතක් පුස්තකලයාධිපතිගේ කැමැත්ත පරිදි තවත් දින 14කට හෝ ඊට අඩු කාලයකට හෝ දික් කරවා ගත හැකිය එසේ දික් කරවා ගැනීම පිණිස පුස්තකාලයට පොත ගෙන ආ යුතුය.

පොත් පත් බැහැර දෙන පුස්තකාලය පු.භා 8.30 සිට අ.භා. 16.15 දක්වා දිනපතා විවෘත කර තිබේ. රජයේ නිවාඩු දිනයන් හි සහ පුස්තකාල  අධිකාරින් තීරණය කර ගන්නා අන් ඕනෑම දිනයක හෝ දිනයන්හි පුස්තකාලය සම්පුර්ණයෙන්ම වසා තබනු ලැබේ.

බාහිර පාඨකයකු විසින් අන් කිසිම  කෙනෙකුට පොත් නොදිය යුතුයි. බෝවන රෝගයකින් පෙලෙන කිසිවෙකු පොත් බැහැර ගෙන නොගිය යුතුයි. බෝවන රෝගයකින් පෙලෙතියි තමන් දන්නා අන් කිසිවෙකුටද පුස්තකාලයේ කිසිම පොතක්  පාවිච්චි කිරිමට ඉඩ නොදිය යුතුයි.

පොත් බැහැර ගෙනයාමේ කාල සීමාව දින 14 කි.

ඊට වැඩි සෑම දිනක් සඳහාම දඩ මුදල් අය කර ගැනීම පහත ආකාරයට වේ.

 රු.       ශත

 ළමා අංශය ප්‍රමාද ගස්තුව දිනකට                       .50

වැඩිහිටි අංශය ප්‍රමාද ගස්තුව දිනකට          1         .00

දින 01 සිට 30 දක්වා පොතකට ප්‍රමාද ගාස්තු ඉහත සදහන් මුදල දින ගණනට අය කෙරේ.

දින 31 – 90 දක්වා 1 පොතකට     රු.   40/- ක්ද,

දින 91 – 180 දක්වා 1 පොතකට   රු.   80/- ක්ද

දින180 ට වැඩි පොතකට             රු. 100/- ක්ද

ළමා අංශයට මෙම මිළගණන් වලින් අඩක් ප්‍රමාද ගාස්තු වශයෙන් අය කෙරේ

පුස්තකාල කළමනාකාරීත්වය    :-  පුස්තකාලයේ සිටින කාර්ය මණ්ඩලය

  • පුස්තකාල සහයක – 01 (පුස්තකාල භාරකරු)
  • පුස්තකාල කම්කරු –  01
  • ආදේශක කම්කරු –  02

පුස්තකාල වේලාව

  • පෙ:ව 8.30 සිට
  • ප:ව 30  දක්වා

සතියේ දින හතම (රජයේ නිවාඩු දින හැර) විවෘත කර තබා ඇත.

පුස්තකාල පාඨක සමාජය           :-  ඉතා ක්‍රියාශිලි පාඨක සමාජයක් ඇත.

  පාඨක සමාජ කාරක සභාව මසකට වරක් රැස්වේ.

සංඛ්‍යා ලේඛනාත්මක තොරතුරු :-  පුස්තකාලයට අදාල සියළු අංශයන් පිළිබදව සංඛ්‍යා ලේඛණ ගොනු පවත්වාගෙන යනු ලැබේ.

පොත් ඉවත් කිරිම                 :-    මේ යටතේ වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයේ නිර්දේශය මත පොත් ඉවත් කිරිම් කටයුතු සිදු කරනු ලබයි.

සංඛ්‍යාන තොරතුරු

දත්ත

පිංතූර එකතුව

2018 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගය සමත් වු පුස්තකාල සාමාජිකත්වය දරණ සාමාජික සාමාජිකාවන් සඳහා උපහාර දැක්වීම

2018 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගය සමත් වු පුස්තකාල සාමාජිකත්වය දරණ සාමාජික සාමාජිකාවන් සඳහා උපහාර දැක්වීම.කහහේන බප/හෝ බොරළුගොඩ මහ විද්‍යාලයේදී 2019.01.2 දින සීතාවක ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා හා පාසලේ විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා අරුණළු පාඨක සමාජයේ සහභාගිත්වයෙන් සිදුකිරිම.

පුස්තකාලය ඇතුලත හා අවට අලංකරණය කිරිම

පුස්තකාලය ඇතුලත හා අවට අලංකරණය සිදු කිරිම. මෙමගින් පුස්තකාලය පාඨකයින්ට ප්‍රියමනාප ස්ථානයක් බවටපත් කර පාඨක වර්ධනය කරලිම 2019.01.27 දින

2018 වර්ෂයේ මිලදීගත් හා පරිත්‍යාග වශයෙන් ලැබුණු පොත් පාඨකයින්ට එළිදැක්වීම

පුස්තකාලය 2018 වර්ෂයේ මිලදීගත් හා පරිත්‍යාග වශයෙන් ලැබුණු පොත් පාඨකයින්ට එළිදැක්වීම 2019.02.14 දින සීතාවක ප්‍රාදේශීය සභාවේ උපකාර්යාලයේ කාර්ය භාර නිලධාරීතුමියගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීම.මෙමගින් පුස්තකාලයට අලුතින් ලැබුණු පොත් පිළිබඳ දැනුවත් කිරීම හා කියවීමේ උද්යෝගය ඇති කිරිමේ අරමුණින්

කාන්තා දිනය නිමිති කරගෙන කාන්තාවන් සඳහා අත්කම් පුහුණු වැඩ සටහන

කාන්තා දිනය නිමිති කරගෙන කාන්තාවන් සඳහා අත්කම් පුහුණු වැඩ සටහනක් 2019.03.18 සිදු කිරිම.කින්තා විවේකය හරවත් ලෙස යොමු කිරිම හා ස්වයං රැකියා සඳහා අත්වැලක් වීම ලෙස සිදු කිරීම. සීතාවක ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා හා නිලධාරීන් මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගි විය.

සුප ශාස්ත්‍ර වැඩසටහනක් කිරිම

සුප ශාස්ත්‍ර වැඩසටහනක් සිදු කිරිම, සිංහල හා හින්දු අවුරුද්ද නිමිති කරගෙන දේශිය අවුරුදු කෑම පිළියෙලකර ගන්නා ආකාරය පිළිබඳ දැනුවත් කිරිමේ එම වැඩ සටහන 20109.04.02 කහහේන මහජන පුස්තකායේදී සිදු කිරීම.

ගර්භනි මවුවරුන් සඳහා පෝෂ්‍යදායික ආහාර වේලක් ලබාදීම

ගර්භනි මවුවරුන් සඳහා පෝෂ්‍යදායික ආහාර වේලක් ලබාදීම 2019.06.11 දින කහහේන මාතෘ ළමා සෞඛ්‍ය සායනයේදී සිදුවිය. මෙම අවස්ථාවට සීතිවක ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමාගේ සහභාගිත්වයෙන් පැවති අතර වෛද්‍ය නිලධාරී තුමිය විසින් ආහාර හා පෝෂණය පිළිබඳ දේශනයක් පැවැත්විය.