සභාවේ වත්මන් පරිපාලනය
සීතාවකට හිමි අනගි භවනීය හර පද්ධතීන් ආරක්ෂා කර ගනිමින් ජාති ආගම් බේදයකින් තොරව සහෝදරත්වයෙන් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරිම උදෙසා මෙන්ම ප්රදේශයේ ස්වභාවික සම්පත් වඩා ඵලදායි ලෙස භාවිතා කරමින් දල ජාතික නිෂ්පාදිතයට සීතාවකින් ලබා දෙන දායකත්වය වැඩි කිරිම වෙනුවෙන් සීතාවක ප්රාදේශීය සභාවේ උපරිම මැදිහත් වීම ලබා දෙමින් ප්රදේශයේ වෘත්තීය අධයාපනය ශක්තිමත් කොට තරුණ පරපුර සවිබල ගන්වමින් මහජන සෞඛය සේවා, පොදු උපයෝගීතා සේවා, පොදු මංමාවත් නඩත්තුව යනාදී ජනතාවගේ සුඛවිහරණයට පහසුවට හා සුභසාධනයට අදාළ සියළු පහසුකම් ආරක්ෂා කිරිම හා ප්රවර්ධනය කිරිමත් , ඊට අදාල සියළු කටයුතු විධිමත් කිරිම හා පරිපාලනය කිරිම මාගේ පැතුම වේ.